කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීම පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව අද පෙරවරු 6 සිට ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව දැනුම් දී තිබුණා.

මේ අතර ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ පවතින බැවින් අතැම් ඉන්ධන පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධන අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නොමැති බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව ඔවුන්ට තම ඇනවුම් සිදු කර අවශ්‍ය අවම තොග පවත්වා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවට අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම සාමාන්‍ය පරිදි තෙල් සැපයුම සිදු කරමින් පවතින බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා පවසනවා.

තෙල් බවුසර් 50 ක් පමණ කොළොන්නාව නිමාවෙන් පිටත් කර හැරීමට කටයුතු කර ඇතැයි ඔහු පැවසුවා.

ඒ අනුව හමුදාව ඇතු`ඵ ආරක්ෂක අංශවල විශේෂ ආරක්ෂාවක් යටතේ කොළොන්නාව ඛනිජ තෙල් නිමාවේ සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු යොදා ඇති බවයි මොහොමඩ් උවයිස් මහතා පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/03/UWAIS-MOHOMMED-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content