නුවරඑළිය සිට කප්පටිපොල සහ වැලිමඩ දක්වා ඉන්දන ප්‍රවාහනය කල බව්සර් රථයක් නුවරඑළිය හග්ගල මහා වංගුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පන ප්‍රපාතයකට පෙරලි අනතුරට ලක්ව තිබෙනවා.

අනතුර හේතුවෙන් තුවාල ලැබූ බවුසර් රථයේ රියදුරු සහ සහයකවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේදී මෙම අනතුර සිදුව ඇති අතර මේ වන විට බව්සරයේ ඉන්දන කාන්දු වෙමින් පවතින බව සඳහන්.

අනතුරට ලක්වන අවස්ථාවේ බවුසර් රථයේ ඩිසල් ලීටර් 13000ක පමණ තිබී ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් එඉදින් කාන්දුවන ඉන්දන බුලි සහා කාන් වලට රස කරගෙන ගෙන ගොස් ඇති අතර තවත් ඉන්දන කොටසක් පරිසරයට මුසුව තිබෙනවා.

WhatsApp Group

Skip to content