කොළඹ වරායේ නැංගුරම්ලා තිබිය දී ඉන්ධන කාන්දුවක් සිදුවූ නෞකාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතට ගෙන ඇතැයි වාර්තාවනවා.

අදාළ නෞකාවෙන් සිදුවූ ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් එම නෞකාව අයත් සමාගමට සහ රක්ෂණ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සඳහන්.

එමෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පනත යටතේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන්දි මුදලක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි එම අධිකාරියේ ප්‍රකාශකයකු සඳහන් කලේ.

අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගියදා කොළඹ වරායට පැමිණි ඉන්දීය සමාගමකට අයත් අදාල නෞකාව මගින් ඉන්ධන කාන්දුවක් සිදුවන බවට තොරුතුරු වාර්තා වී තිබුනා.

WhatsApp Group

Skip to content