ඉන්දු – ශ්‍රී ලංකා වාර්ෂික ද්විපාර්ශවිය සමුද්‍ර අභ්‍යාසය අද ආරම්භවීමට නියමිතයි.

මෙවර සමුද්‍ර අභ්‍යාසය අධියර දෙකක් යටතේ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඉන්දියාව නාවික හමුදාවේ කිල්තාන් සහ සාවිත්‍රි නෞකා මෙම සමුද්‍ර අභ්‍යාසයට එක්වනු ඇති.

සමුදුර සහ විජයබාහු යන නෞකා ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම අභ්‍යාසයට එක්වීමට නියමිතයි.

දෙරට අතර සහයෝගිත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම වෙනුවෙන් මෙම සමුද්‍ර අභ්‍යාසය සංවිධානය කර තිබෙනවා.

එමෙන්ම ඩ්‍රෝන යානා මෙන්ම දෙරටේ හමුදා නියෝජනය කරමින් විශේෂ බලකායක්ද මෙම සමුද්‍ර අභ්‍යාසයට එක්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content