2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන තරග සදහා මෙලෙස විශේෂ ආරක්ෂාවක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු – පාකිස්ථාන තරගය ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා සැලකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඉන්දු – පාකිස්ථාන විස්සයි විස්ස තරගය ලබන 08 වනදා නිව්යෝර්ක් හිදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මෙම තරගය සදහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ලෝක කුසලාන තරග සංවිධායකින් තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content