පර්සියානු ගල්ෆ් කලාපයේ දිගු දුර පුහුණුවීම් යෙදවීමේ කොටසක් ලෙස, පළමු පුහුණු බලඝණයේ ඉන්දීය නාවික නෞකාවක් වන ටීර් සහ ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවක්වන වීරා නැමති නවුකාව බහරේනයේ මනමා වරායට ළඟා වී තිබෙනවා.

ඉන්දීය නාවික හමුදාව සහ බහරේන් රාජකීය නාවික හමුදාව අතර නාවික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ අන්තර් ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම මෙම සංචාරයෙන් අපේක්ෂා කෙරෙන බවයි ඉන්දීය නාවික හමුදා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
මෙම යෙදවීමට විවිධ වෘත්තීය අන්තර්ක්‍රියා සහ ඒකාබද්ධ අභ්‍යාස ඇතුළත් බව ද ඉන්දීය නාවික හමුදාව පවසනවා.

ඒ අනුව දෙරටෙහි නාවික හමුදාව යෝග සැසි, තූර්ය වාදක තරඟ, මිත්‍රශීලී ක්‍රීඩා තරඟ සහ ප්‍රජා සුබසාධන මුලපිරීම් ඇතුළුව සුහදත්වය වර්ධනය කිරීම සඳහා සැලසුම් කර ඇති ක්‍රියාකාරකම් සමඟින් වෘත්තීය හුවමාරු කිරීම්, හරස් නැව් චාරිකා සහ ඒකාබද්ධ පුහුණු සැසි සැලසුම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content