ඉන්දීය සාගර වටද්දර සංගමයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද දිනයේ මෙරටදී පැවැත්වීමට නියමිතයි.

අයෝරා ලෙස නම් කර ඇති මෙම සමුළුව සදහා නියෝජිත රටවල් 23 හි විදේශ අමාත්‍යවරුන් සහභාගී වන බවයි එම සංගමය නිවේදනය කළේ.

එමෙන්ම අදාළ සංගමයේ සභාපතිත්වය මෙම වසරේ සිට ඉදිරි වසර 2 ක කාලය සඳහා ශ්‍රී ලංකාවට පිරිනැමීම ද අද දිනයේ සිදු කරනු ලබනවා .

මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර ඉන්දීය සාගර වටද්දර සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුව ද පැවැත්වෙනවා .

මේ අතර ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව ඊයේ රාත්‍රියේ සිදු වුනා .

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය මෙන්ම සත්‍ය සහ ප්‍රතිසන්ධාන පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණ පිළිබඳ පනත් කෙටුම්පත සහ ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත යනාදි නව නීති සම්පාදනයේ ප්‍රගතිය ඇතුළු මාතෘකා කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content