ඉන්දීය රජයේ සහාය ඇතිව ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කර රටේ ආර්ථිකයට නව ජීවයක් ලබාදීමට හැකි පරිසරයක් නිර්මානය කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ පැවති ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ත්‍රිකුණාමලය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරිමේ ඉලක්කගත වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

WhatsApp Group

Skip to content