ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද ආරම්භ වනවා.
ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලොක් සභාව සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් රාජ්‍ය සභාව ලෙස කොටස් දෙකකින් සමන්විතයි.
ඒ අනුව අද මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543ක් සඳහා නියෝජිතයින් පත් කර ගැනීම වෙනුවෙන්.
මහ මැතිවරණය, මාස දෙකහැමාරක් තුළ අදියර 7 ක් යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
අද දිනයේදී පළමු අදියරත්, අප්‍රේල් 26 වැනිදා දෙවැනි අදියරත්, මැයි 7 වැනිදා තෙවැනි අදියරත්, මැයි 13 වැනිදා සිවුවැනි අදියරත්, මැයි 20 වැනිදා පස්වැනි අදියරත්, මැයි 25 වැනිදා 6 වැනි අදියරත්, ජූනි 1 වැනිදා හත්වැනි අදියරත් පැවැත්වෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.
ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි 4 වැනිදා සිදු කිරීමටද කටයුතු යොදා තිබෙනවා.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 969 ක් ලියාපදිංචි වී සිටින අතර විවිධ පක්ෂ 2,600ක් පමණ මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content