මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් අතුළු වු ඉන්දීය ධීවර යාත්‍රා 71ක් රාජසන්තක කර තිබෙනවා.

ධීවර අමාත්‍යංශය සදහන් කළේ පසුගිය වසර හතර තුළ අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වු ඉන්දීය ධීවර යාත්‍රා 142ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අතරින් යාත්‍රා 71ක් මෙලෙස රාජසන්තක කර ඇති අතර තවත් යාත්‍රා 55ක් සම්බන්ධයෙන් මේ වන විට නීතිමය පියවර ගෙන තිබෙනවා.

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරන විදේශීය ධීවර යාත්‍රා අත්අඩංගුව ගැනීමට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content