මෙම වසරේ ගතවූ මාස 08ක කාලය තුළ ඉන්දීය ධීවරයන් 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා.

එහිදී ධීවර යාත්‍රා 13ක් නාවික හමුදා භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

මෙලෙස ඉන්දීය ධීවර යාත්‍රා නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට පැමිණීම වැලැක්වීම සදහා නාවික හමුදාව විසින් යෝජනා 5ක් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම යෝජනා සියල්ල අනුමත කළ නොහැකි බවට ආරක්ෂක අමාත්‍යාංශය දන්වා ඇති අතර, එම යෝජනා සැලකිල්ලට ගනිමින් ගත හැකි පියවර කිහිපයක් ක්‍රියාවට නංවා ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළා.

WhatsApp Group

Skip to content