අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට සංචාර ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 185ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි.

WhatsApp Group

Skip to content