2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුම දෙනා දැවි ලකුණු 240ක් ලබාගැනීමට සමත් වූවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 66ක් ලබාගැනීමට සමත් වූවේ කේ.එල්. රාහුල්. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 66ක්.

ඒ පන්දු 107කදී එක් හතරේ පහරක් සමගින්.

විරාට් කෝලි ලකුණු 54කට දවා ගැනීමට ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් සමත් වූවා.

ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාට ලබාගත හැකි වූයේ ලකුණු 47ක් පමණයි.

සූර්යකුමාර් යාදෙව් ලකුණු 18කටත් කුල්දිප් යාදෙව් ලකුණු 10කටත් දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වූවා.

ඉන්දීය කණ්ඩායමේ සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යාමට හැකියාවක් ලැබුණේ නෑ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ මිචෙල් ස්ට්‍රක් කඩුලු තුනක්ද ජොෂ් හෂල්වුඩ් සහ පැට් කමින්ස් කඩුලු දෙක බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

ග්ලේන් මැක්ස්වෙල් සහ ඇඩම් ෂම්පා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

ඒ අනුව විශිෂ්ඨ පන්දු යැවිමක නිරත වූ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සියලුම ඉන්දීය පිතිකරුවන් දවා ගැනීමට සමත් වූවා.

තරගයේ ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 241ක් ලබාගත යුතු වනවා.

තරගය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

 

WhatsApp Group

Skip to content