ඉදිරි දශක කිහිපයේදී ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කරනු ඇතැයි ආර්ථික විශේලේෂකයින් පුරෝකථනය කර තිබෙනවා.
ඒ අනුව 2075 වන විට ගෝලීය වශයෙන් දෙවන විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත් වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.
බිලියන 1.4 ක ජනගහනයක් සිටින ඉන්දියාවේ ආර්ථිකය අමෙරිකාව පසුකරමින් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 52.5 ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතයි.

එවිට ඉන්දියාවේ ආර්ථිකය චීනය සමග පමණක් තරග කරනු ඇති බවටයි ආර්ථික විශ්ලේෂකයින් පුරෝකථනය කර ඇත්තේ.

ශ්‍රම බලකාය තුළ වැඩි සහභාගීත්වයක් ප්‍රවර්ධනය කිරීම සහ ආයෝජන ඉහළ යාම ඉන්දීය ආර්ථිකය ශක්තිමත් වීමේ ප්‍රධාන සාධක ලෙස සලකනු ලබනවා.

WhatsApp Group

Skip to content