මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දිය ධිවරයින් 15 දෙනෙකු සමග ඉන්දීය බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

යාපනය, ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේදී මොවුන් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

ඉන්දීය ධීවරයන් පිරිස වැඩිදුර පරීක්ෂණ සඳහා කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 12 ක් සමඟ ඉන්දීය ධීවරයින් 74 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content