ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමා තිබෙනවා.

අදාළ සංචාරය සිදුකෙරෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කළේ.

දෙදින නිල සංචාරක් සදහා ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා.

දෙරට අතර පවතින ආරක්ෂක සබදතා පිළිබද ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරයේදී අවධානය යොමු කිරීමට නියමිතයි.

මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් නිල සංචාරයක් සඳහා ඊයේ කොළඹ වරායට සේන්දු වුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම සිදුකළා.

අදාළ නෞකාව නැරඹීමට පාසල් ළමුන්ට ද අවස්ථාව ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content