ඉන්දියාව හා මෙරට අතර බෞද්ධ සබඳතාවය ශක්තිමත් කිරීම සදහා නව ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පවසනවා.

දෙරට අතර බෞද්ධ සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සදහා ඉන්දීය රජය විසින් ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 15 ක ප්‍රදානයක් යටතේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට පසුගිය වසරේ මාර්තු 28 වන දින අවබෝධතා ගිවිසුමකට එළඹුනා.

මේ අනුව අදාළ ගිවිසුම යටතේ බෞද්ධ විහාරස්ථාන හා පිරිවෙන් සදහා සූර්්‍යබල විදුලි පහසුකම් සලසා ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදන වෙන් කිරීමට දෙපාර්ශවයම එකග වී ඇති බව සදහන්.

 

WhatsApp Group

Skip to content