ඉතිහාසයේ සිට ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්රී ලංකාවේ 76 වන නිදහස් දිනය සහ ඉන්දියාවේ 75 වන ජනරජ දිනය සැමරීම වෙනුවෙන් ශ්රී ලංකා-ඉන්දියා සමාජය (Sri Lanka India Society) විසින් ඊයේ (14) කොළඹදී සංවිධානය කර තිබූ විශේෂ සැමරුම් උත්සවයට එක් වෙමිනි.
මෙහි ප්රධාන ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මිය සහභාගි වූ අතර විශේෂ ආරාධිතයා ලෙස ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා එක් විය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පැමිණීම සනිටුහන් කරමින් විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමුණු අතර ඉන්දු- ශ්රී ලංකා සබඳතාවන්හි මෑතකාලීන විශේෂ අවස්ථා ඇතුළත් “මෛත්රී” සඟරාව ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

WhatsApp Group

Skip to content