කන්කසන්තුරේ සහ ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද දිනයේ සිට ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

ඒ අනුව අදාළ වරායන් දෙක අතර දුර දැක්වෙන්නේ නාවික සැතපුම් 60 ක් ලෙසයි .

මෙහිදී එක් ගමන්වාරයක් සඳහා ප්‍රවේශ පත්‍රයක මිල ඉන්දීය රුපියල් 7500ත් 8000ත් අතර වනු ඇති බවයි වාර්තා වන්නේ .

එමෙන්ම අදාළ මුදල ගෙවා ප්‍රවේශපත්‍රයක් ලබාගන්නා අයෙකුට කිලෝ 40ක භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යාමේ අවස්ථාව ද හිමිවනු ඇති .

මෙම එක් ගමන්වාරයක් සඳහා පැය 3ක කාලයක් ගතවන බව වාර්තා වනවා .

මෙලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෝට්ටු සේවයක් ආරම්භ කර ඇත්තේද වසර 40කට පසුව වීම විශේෂත්වයක් .

WhatsApp Group

Skip to content