ඉන්දියාව සමඟ විදුලි අවබෝධතාවයක් ඇති කරගැනීමටත් මේ වන විට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.
ඔහු සදහන් කලේ එම ගිවිසුමත් සමග ඉදිරියේදී විදුලි බිල අඩු කිරීමේ හැකියාව පවතින් බවයි. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසුවා.

https://www.vnews.lk/storage/2023/07/INDIKA-ANURUDHDHA-EDIT-.mp3?_=1

මේ අතර උඩවලව ජලාශයට සමනළ වැවෙන් ජලය නිකුත් කළහොත් දකුණු පළාත තුළ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවට ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

විදුලිබල මණ්ඩල නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දින 10ක් සමනළ වැව ජලාශයේ ජලය උඩවලව ජලාශයට නිකුත් කළහොත් දකුණු පළාත තුළ පැය 1ත් පැය 03ත් අතර කාලයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවයි .

WhatsApp Group

Skip to content