ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශිවගංගී මගී නැව් සේවාව ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා

ඒ අනූව ඉන්දියාවේ නාගපට්ටන වරායේ සිට කන්කසන්තුරේ දක්වා මගී නැව් සේවාව ක්‍රියාත්මක වනු ඇති..

තනි ගමනකට නැව් ගාස්තුව වශයෙන් රුපියල් 16,000ක් වන අතර එක් මගියෙකුට කිලෝ ග්‍රෑම් 60ක බරක් හා කිලෝ ග්‍රෑම් 5ක අත් බෑගයක් රැගෙන යා හැකියි.

මෙම නැව තුළ සාමාන්‍ය පන්තියේ ආසන 133ක් හා විශේෂ පන්තියේ ආසන 27ක් වෙන් කොට තිබෙනවා.

නැව් ගමන සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර යාපනයේ විවෘත කර ඇති කාර්යාලවලින් මෙන්ම අන්තර් ජාලය ඔස්සේද මිල දී ගත හැකියි.

WhatsApp Group

Skip to content