2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දියාවට එරෙහි තරගය ජය ගන්නට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.

ඉන්දිය කණ්ඩායම සහ බංග්ලාදේශ අතර සුපිරි සිව්දෙනාගේ තරග වටයේ අවසන් තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදීයි.

මෙහිදී කාසියේ වාසිය ඉන්දීය නායක රෝහිත් ශර්මා විසින් දිනාගත් අතර, ඔහු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව, පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 265ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමට පන්දුවාර 49.5ක් අවසානයේ කඩුලු සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 259ක් පමණයි.

මේ අතර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි.

අවසන් මහා තරගයේ ප්‍රවේශ පත්‍ර රැසක් මේ වන විට අලෙවි වී අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එමෙන්ම ඊයේ දිනයේදී ද ක්‍රිඩා ලෝලින් විශාල පිරිසක් අවසන් මහා තරගයේ ප්‍රවේශ පත් මිල දී ගැනීම සදහා පැමිණ තිබුණා.

ඔවුන් මාධ්‍යට මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/09/SL-VOICE-.mp3?_=1

WhatsApp Group

Skip to content