2024 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 68කින් පරාජයට පත් කරමින්.
තරගය ආරම්භයට පෙර මෙන්ම තරගය පැවැත්වෙන අවස්ථාවේදී වර්ෂාවෙන් බාධා එල්ල වුවද නියමිත පන්දුවාර සංඛ්‍යාව අඩු නොකර ක්‍රීඩා කිරීමට ලබා දීමටයි තරග විනිසුරුවන් කටයුතු කළේ.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171 රැස් කළා.
එහිදී නායක රෝහිත් ෂර්මා ලකුණු 57ක් සහ සූරියකුමාර් යාදව් ලකුණු 47ක් රැස් කිරීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේදී ක්‍රිස් ජොර්ඩන් ලකුණු 37ට කඩුලු 03ක් බිද හෙලුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 103ක් පමණයි.
එහිදී හැරි බෲක් ලකුණු 25ක් සහ නායක ජොස් බට්ලර් ලකුණු 23ක් රැස් කරනු ලැබුවා.
පන්දු යැවමේදී අක්සාර් පටේල් සහ කුල්දීප් යාදව් කඩුලු 3 බැගින් බිදහෙලූ අතර, ජස්ප්‍රිට් බුම්රාහ් කඩුලු 2ක් බිද හෙලුවා.
ඒ අනුව හෙට දිනයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම සමග ඉන්දීය කණ්ඩායම තරග කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content