2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඊයේ පැවති තරඟයෙන් ඕස්ටේ‍රලියානු කණ්ඩායම පරාජය කරමින් ලකුණු 24ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටයි ඉන්දීය කණ්ඩය සමත් වුණේ.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 205ක් රැස් කළා.
එහිදී නායක රෝහිත් ෂර්මා පන්දු 41දී ලකුණු 92ක් රැස් කළ අතර, සූර්යකුමාර් යාදව් පන්දු 16දී ලකුණු 31ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් සහ මාර්කස් ස්ටොයිනීස් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ‍රලියානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 181ක් පමණයි.
එහිදී ට්‍රැවිස් හෙඩ් පන්දු 43දී ලකුණු 76ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී අර්ෂදීප් සිං කඩුලු 03ක් සහ කුල්දීප් යාදව් කඩුලු 02ක් බිඳ හෙලුවා.

WhatsApp Group

Skip to content