සූර්යයා පිළිබද අධ්‍යනය කිරීම සදහා ඉන්දියාව අද නව චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්දිය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය සදහන් කළේ ආදිත්‍ය එල් වන් චන්ද්‍රිකාව අද කක්ෂගත කරන බවයි.

ආන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි ඉන්දියාවේ ප්‍රධානතම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ලසතීෂ් ධාවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටයි අදාළ චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව ඇත්තේ.

මෙම චන්ද්‍රිකාව මගින් අභ්‍යවකාශයේ සිට සූර්යයාගෙන් ඇති වන සුර්ය කුණාටු ඇතුළු අභ්‍යවකාශ කාලගුණයට ඇති වන බලපෑම පිළිබඳව අධ්‍යයනය කිරිමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content