ඔක්තෝබර් මස ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට මේ වනතෙක් වීසා ලැබී නොමැති බවට වාර්තා වනවා.

තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාවට යාමට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් දෙදින පුහුණු කඳවුරුක් පැවැත්වීමට පාකිස්තානය කර තිබූ සැලසුමද අවලංගු කිරීමට සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තානය 25 වන සඳුදා දිනයේදී එක්සත් අරාබි එමිර් රාජ්‍ය වෙත ගමන් කිරීමට සැලසුම් කර තිබූ බවයි.

එහිදී දෙදින පුහුණු කඳවුරකට සහභාගිවී සැප්තැම්බර් 29 වන දින නවසීලන්තය සමග පැවැත්වෙන පළමු පුහුණු තරගය ඉලක්ක කරගෙන හයිද්‍රාබාද් බලා යාමටයි පාකිස්ථානයේ සැලසුම වී තිබුණේ.

කෙසේ වෙතත් පාකිස්තානු කණ්ඩායමට මෙතෙක් වීසා නොලැබීමත් සමගින් ඔවුන්ගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ගමන 27 වන බදාදා දක්වා කල්දැමීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් ඔවුන්ගේ දෙදින පුහුණ ුසැසිය අවලංගු කිරීමේ අවදානමක් මතුව ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව 27 වන බදාදා ලාහෝරයේ සිට ඩුබායි වෙත පියාසර කරන පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම නියමිත වේලාවට වීසා ලදහොත් එතැන් සිට හයිද්‍රාබාද් වෙත පියාසර කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය හයිද්‍රාබාද් වෙත පිටත්ව යාමට පෙර ඉන්දියාවෙන් අවශ්‍ය වීසා අනුමැතිය ලබාදෙනු ඇතැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු පළ කරනවා.

WhatsApp Group

Skip to content