ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ‘විශ්වමිත්‍රි’ නදිය පිටාර ගැලීමෙන් එම ප්‍රදේශය ආශ්‍රිත ගම්මාන රැසක ජනතාව ජල ගැලීමෙන් පීඩාවට පත් වී තිබෙනවා.

එසේ පිටාර ගැලූ ‘විශ්වමිත්‍රි’ නදියේ ජීවත්වන කිඹුලන් ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි ගම්මානවල නිවෙස්වලට ඇතුල් වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

එම කිඹුලන් ඉවත් කිරීමට ගම්වැසියන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති අතර, ගුජරාට් වනජීවී නිලධාරීන්ගේ ද මැදිහත් වීමෙන්, එම කටයුතු සිදු කරණ ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

WhatsApp Group

Skip to content