ඉන්දීය රජයේ නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්යාංශයේ ලේකම් ශ්රී භූපින්දර් සිං භල්ලා මැතිතුමාගේ ප්රධානත්වයෙන් යුත් ඉන්දීය දූත පිරිස මෙරට පුනර්ජනනීය බලශක්ති ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මෙරට පුනර්ජනනීය බලශක්ති පාර්ශ්වකරුවන් සහ මෙරට නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට දින තුනක සංචාරකට එක්ව සිටී.
මෙම දූත පිරිස සමඟ අද (12) විදුලිබල හා බලශක්ති අමාත්යාංශයේ පැවති සාකච්ඡාවේ දී දෙරට අතර පුනර්ජනනීය බලශක්ති සහයෝගිතාව, නව ව්යාපෘති ආරම්භ කිරීමේ හැකියාව, තාක්ෂණික හුවමාරු, අයෝජන අවස්ථා සහ රාජ්ය ප්රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැණින.
මෙම සාකච්ඡාව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණ.
මෙම සාකච්ඡාවට ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දියානු නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්යාංශයේ (සූර්ය බලශක්තිය) ඒකාබද්ධ ලේකම් ශ්රී දිනේෂ් දයානන්ද් ජඩ්ඩාලේ, ඉන්දියානු මධ්යම විදුලිබල අධිකාරියේ ප්රධාන ඉංජිනේරු ශ්රී රාකේෂ් ගෝයාල්, ඉන්දියානු නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්යාංශයේ (සුළං බලය) විද්යාඥ ශ්රී ප්රබීර් කුමාර් දාස් සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාංශයේ නිලධාරීන් ද එක්විය.

WhatsApp Group

Skip to content