මෙම වසරේදී ඉන්දියාවේ තිරිඟු වගාවෙන් වාර්තා ගත අස්වැන්නක් අපේක්ෂා කරන බව එරට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව 2023 වසරේ ජූනි මාසයෙන් අවසන් වන වසරක කාලයේදී ඉන්දියාවේ අපේක්ෂිත තිරිගු අස්වැන්න ටොන් මිලියන 112 ක්.

පවතින යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එවැනි වාර්තාගත අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බවයි ඉන්දීය කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

මෙම වසරේ අප්‍රේල් මාසයේදී තිරිගු අස්වැන්න නෙළීම ආරම්භ කරන බව ද එම අමාත්‍යාංශය සදහන් කළා.

වියළි කාලගුණය මධ්‍යයේ වුව ද 2021 – 2022 වසරේදී ඉන්දියාවේ තිරිගු අස්වැන්න ටොන් මිලියන 106.84 ක් බවයි එරට කෘෂිකර්මය අමාත්‍යාංශය සදහන් කළේ.

2020 – 21 වසරේදී ද ඉන්දියාව වාර්තා ගත තිරිගු අස්වැන්නක් නෙළා තිබූ අතර එම ප්‍රමාණය ටොන් මිලියන 109.59 ක් වනවා.

WhatsApp Group

Skip to content