ගතවූ පැය 48ක කාලය තුළ ඉන්දීය ගුවන් යානා 10කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් විවිධ ගුවන් තොටුපලවල ත්‍රස්ත මර්දන අභ්‍යාස සිදු කිරීමට ආරක්ෂක ඒජන්සි ක්‍රියාත්මකව සිටින බවටයි විදෙස් වාර්තා සඳහන් කලේ.

එමෙන්ම මේ හේතුවෙන් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් ජනාකීර්ණ ප්‍රදේශවලින් ඉවතට ගෙන යාම සඳහා සිංගප්පූරු සන්නද්ධ හමුදා ප්‍රහාරක ජෙට් යානා දෙකක් චැංගි ගුවන් තොටුපළට ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content