ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි එයා(ර්) ඉන්දියා ගුවන් යානයකට බෝම්බ තර්ජනයක් එල්ල වීමත් සමඟ තිරුවන්ත පුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පූර්ණ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මගීන් 135 දෙනෙකු සමඟ ගුවන් යානය අද පෙරවරු 8ට පමණ ආරක්ෂිතව ගොඩ බස්වා ඇති අතර, පෙ ව 8.44 වනවිට සියලුම මගීන් ආරක්ෂිතව ගුවන් යානයෙන් ඉවත් කළ බවයි එරට ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසන්නේ.

මේ හේතුවෙන් ජීවිතවලට කිසිඳු බලපෑමක් සිදු වී නොමැති අතර , ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව සිදුවන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

WhatsApp Group

Skip to content