මේ දක්වා ඉන්දියාවෙන් ආනයනය කර ඇති බිත්තර සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කලේ ඉන්දියාවේ පිළිගත් රසායනාගාර තුනකදී සිදුකරන පරීක්ෂවලින් අනතුරුව ඒ සම්බන්ධයෙන් වන වාර්තාව ශ්‍රී ලංකාවට ලැබීමෙන් අනතුරුව පමණක් බිත්තර ආනයනය කරන බවයි

එමෙන්ම ශ්‍රී ලංකාවේදී ද ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලින් අනතුරුව පමණක් ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර බෙදාහැරීම සිදුකරනු ලබන බවයි ඒ මහතා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content