අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියාව අප්‍රිකානු මහාද්වීපයේ රටවල් 42 කට ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් සපයා ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පවසනවා.
කොවිඩ් වසංගතය අතරතුර වුව ද ඉන්දියාව සහ අප්‍රිකාව සමඟ ඇති බැඳීම නොනැසී පැවතුන බවයි ඔහු සඳහන් කළේ.
අප්‍රිකානු රටවල නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන් පසුගියදා පැවැති උත්සවයකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම කොවිඩ් වසංගත සමයේදී ඉන්දියාව අප්‍රිකානු රටවල් 32 කට වෛද්‍ය උපකරණ ලබාදී ඇතැයි ද විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම අප්‍රිකානු රටවල ඒකාබද්ධ නිෂ්පාදන පහසුකම් ගවේෂණය කිරීම සඳහා ඉන්දියානු ඖෂධ නිෂ්පාදකයින් සහ එන්නත් නිෂ්පාදකයින් දිරිමත් කරමින් සිටින බව ද ඉන්දීය විදේශ අමාත්‍වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content