ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතිය ඇතුළත දිවයිනට ගෙන එන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ සම්බා සහල් මෙටි්‍රක්ටොන් 50,000 ක් ගෙන්වීමට පසුගිය දා ලැබුණු කැබිනට් අනුමැතියට අනුව එම සහල් ආනයනය කරන බවයි.

මීට අදාළ ටෙන්ඩර් කැඳවීම ඊයේ දිනයේදී අවසන් කර තිබෙනවා.

මේ අතර පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

එමෙන්ම වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 1000 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවයි එම අධිකාරිය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content