රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
මෙම ජාතික භෞතික සැලැස්මට අදාළ කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වනු ඇතැයි ආණ්ඩුවේ බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී ප්‍රකාශ කළා .

https://www.vnews.lk/storage/2023/06/PRASANNA-RANATHUNGA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content