බිත්තර මිල ඉදිරි උත්සව සමයේදී රුපියල් 80 ක් දක්වා ඉහළ යා හැකි බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති සිසිර බණ්ඩාර මහතා පවසනවා.
මේ වන විට බිත්තරයක මිල රුපියල් 50 ත් 60 ත් අතර සීමාවේ පවතින්නේ බිත්තර පරිභෝජනය අඩුවීම හේතුවෙන් බවත් ඔහු සඳහන් කළේ.
කෙසේ වෙතත් ඉදිරි උත්සව සමයේ දී බිත්තර පරිභෝජනය ඉහළ යාමත් සමඟ මෙම මිල ඉහළ යනු ඇති බවත් සිසිර බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
මහනුවර පැවති රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ 32 වන වාර්ෂික සමුලුවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.