අද දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සදහන් කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර අද දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණාරත්න මහතා පවසන්නේ.

WhatsApp Group

Skip to content