ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පුනර්ජිවනයක් ඇති කිරීමට රජයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍ර යළි නගාසිටුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අමරමුණ බවයි ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සදහන් කළේ.

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා ඉදිකිරීම් කර්මාන්තය පුළුල් ලෙස දායක කර ගන්නා බවයි සාගල රත්නායක මහතා කියා සිටියේ.

ඉදිකිරීම් කර්මාන්තය පුනර්ජිවනය පිළිබද විධායක කමිටුව ජනාධිපති කාර්යාලයේදී රැස් වු අවස්ථාවේදීි ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඉදිකිරීම් කර්මාන්තකරුවන් වෙත රජය මගින් ගෙවීමට ඇති හිග බිල්පත් අගොස්තු මාසය අවසන් වීමට ගෙවා නිම කිරීමට මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.

 

 

WhatsApp Group

Skip to content