ඉතාලි නාවික හමුදාවේ ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 10) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Multi Purpose Combat Ship වර්ගයට අයත් ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව, දිගින් මීටර් එකසිය හතලිස් තුනක් (143) හා නැව් මුළුව එකසිය පනස් දෙදෙනෙකුගෙන් (152) සමන්විත වේ. නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් Alessandro Troia සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් අද දින (2024 ඔක්තෝබර් 10) එම විධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.  

එමෙන්ම, ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් නෞකාව තුළදී පැවැත්වීමටද නියමිතව ඇත.   

WhatsApp Group

Skip to content