ඉතාලියේ විශාලතම මාෆියා කල්ලියකට සම්බන්ධ සාමාජිකයන් 200 දෙනෙකුට වසර 2,200ක සිර දඬුවම් පැවනවීමට එරට අධිකරණයක් කටයුතු කර තිබෙනවා.

මෙහිදී විත්තිකරුවන් 100ට වැඩි පිරිසක් නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම නඩු විභාගය සඳහා නීතීඥයන් 600ක් සහ සාක්ෂිකරුවන් 900ක් සහභාගී වී තිබෙනවා.

මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ණය ගැනීම්, මුදල් විශුද්ධිකරණය යන චෝදනා මෙම මාෆියා කල්ලයට එල්ල වී ඇති අතර, මෙම කල්ලියේ ඇස්තමේන්තුගත වාර්ෂික ආදායම ඩොලර් බිලියන 60ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content