කූඨ ලෙස සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර භාවිතා කර ඉතාලියේ රෝම නුවර වෙත පැන යාමට තැත් කළ සිරියානු ජාතික පවුල් දෙකකට අයත් සාමාජිකයන් 07 දෙනෙකු 09/12 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් සිරියාවේ වාසය කළ වැඩිහිටියන් තිදෙනකු සහ කුඩා දරුවන් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුල් දෙකකි.
 මොවුන් 09/12 උදෑසන 07.20 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත  , ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
 ඔවුන් තම ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර ගුවන් තොටුපොළ විගමන කවුළු වෙත පැමිණ තිබූ අතර , එහිදී සේවය කළ ආගමන විගමන නිලධාරීන්ට ඇති වූ සැකය මත , මොවුන් , ඉදිරිපත් කළ ලියකියවිලි ද සමග දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී මෙම ගමන් බලපත්‍ර කූඨ  ලෙස සකස් කළ ඒවා බව තහවුරු වී තිබේ.

WhatsApp Group

Skip to content