මහවැලි කලාපයේ පවුල් 15000ක් වෙනුවෙන් ඉඩම් හිමිකම්පත් ලබා දීම ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව ක්‍රිඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොශාන් රණසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල කඩිනම් කළ බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

මේ වන විටත් පවුල් 20,000ක් වෙනුවෙන් ඉඩම් හිමිකම් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

වසර 05කට වැඩි කාලයක් ඉඩම් හිමිකම් නොමැතිව සිටි පවුල් වෙනුවෙන් මෙලෙස ඉඩම් හිමිකම් ඔප්පු ලබා දෙන බවයි අමාත්‍ය රොශාන් රණසිංහ මහතා සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content