ඉංගිරිය බෝධිනාගල ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙල කපා ඇය සමග සිටි පුද්ගලයා ද ගෙල කපා ගෙන සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දෙදෙනාම මේ වනවිට හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර 48 හැවිරිදි පිරිමි පුද්ගලයා පිළියන්දල ප්‍රදේශයේත් 43 හැවිරිදි කාන්තාව ඉංගිරිය පෝරුවදණ්ඩ පනංගලවත්ත ප්‍රදේශයේත් පදිංචිකරුවන් බව සදහන්.

අනියම් ඇසුරක් මත සිදුවූ ආරවුලක් මෙම සිද්ධියට හේතුවන්නට ඇති බවට සැකකරන අතර ඉංගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Group

Skip to content