සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත්වෙනවා.

හම්බන්තොට පැවැත්වෙන මෙම තරගය අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ මතීෂ පතිරණ අද දිනයේදී ක්‍රීඩා කරන බව නායක දසුන් ශානක සදහන් කළා.

අද පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඊයේ පැවති මාධ්‍ය හමුවදීයි ඔහු මේ බව සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/06/DASUN-EDIT.mp3?_=1

මේ අතර මෙම තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවියට පිවිස මිලදී ගැනීමට අමතරව තවත් ස්ථාන දෙකකදී මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

රුපියල් 300, 400, 500, 750 සහ 1500 යන මිල ගණන් යටතේ අළෙවි වන මෙම ප්‍රවේශ පත්‍ර කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවේශ පත්‍ර කවුලුවෙන් සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඇති ප්‍රවේශ පත්‍ර කවුලුවෙන්ද මිලදී ගත හැකියාව තිබෙනවා.

වෙබ් අඩෙවිය හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේදී කිව්.ආර් කේතය තරග දිනයන්හිදී මුද්‍රිත හෝ ඩිජිටල් ආකාරයෙන් රැගෙන ආ යුතු වනවා.

WhatsApp Group

Skip to content