සංචාරක ඇෆ්ගනිස්ථාන ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි.

දෙවන දිනය සඳහා තරඟය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඇෆ්ගනිස්ථාන ඒ කණ්ඩායම පන්දුවාර 6යි එක් පන්දුවක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 18ක් ලබා සිටියා.

මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 435ක් රැස් කළා.
ඒ අනුව මේ වන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 417ක් පිටුපසින් පසුවනවා.

WhatsApp Group

Skip to content