එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 16 වැනි තරඟය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 149න් පරාජයට පත් කරමින්.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 288ක් රැස් කළා.

එහිදී නායක ටොම් ලේතම් ලකුණු 68 ක්, ග්ලේන් පිලිප්ස් ලකුණු 71 ක් සහ විල් යන්ග් ලකුණු 54 ක් රැස් කළා.

පන්දු යැවීමේදී නවීන් උල් හක් සහ අස්මතුල්ලාහ් ඔමර්සායි කඩුළු බිඳ හෙළුවා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 34යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 139ක් පමණයි.

පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් හා ලොකී ෆර්ගසන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

WhatsApp Group

Skip to content