ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ සමත් වුණා.

හම්බන්තොර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 300ක්.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ රහමනුල්ලාහ් ගුර්බාස් ලකුණු 151ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දුවා 49යි පන්දු 5ක් අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 302ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

 

WhatsApp Group

Skip to content