ඇෆ්ගනිස්තාන කාන්තාවන් තලෙයිබාන් සංවිධානයේ නව නීතිවලට විරෝධය දැක්වීමට තීරණය කර තිබෙනවා

ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට ප්‍රසිද්ධියේ ගීත ගායනා කිරීම හා කතා කිරීම තහනම් කරමින් පසුගිය දා තලෙයිබාන් සංවිධානය නව නීති පනවා තිබුණා.

ඊට විරෝධය දැක්විම සදහා එරට කාන්තාවන් සමාජ මාධ්‍යය ඔස්සේ කාන්තා හඬට තහනමක් නොමැත යන තේමාව යටතේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

කාන්තාවන් ගීත ගායනා කරන හා ඔවුන්ගේ හඬ දැක්වෙන විඩියෝ පට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමටයි මෙහිදී පියවර ගෙන ඇත්තේ.

ඇෆ්ගනිස්තානය තුළ අතිශයින් ජනප්‍රිය ගීත ගායනා කිරීමට ද මෙම කාන්තාවන් පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content