ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව

පැවති තරගයෙන් ලකුණු 89ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.

පාකිස්ථානයේ ලාහෝර් හීදී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්

බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ

ලකුණු සංඛ්‍යව 334ක්.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් මෙහිදි හසාන් මිරාස් ලකුණු 112ක් සහ නජ්මුල්

හොසේන් ශන්ටෝ ලකුණු 104ක් රැස් කළා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 44යි පන්දු 3ක්

අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 245ක් පමණයි.

පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් ලකුණු 44ට කඩුළු 4ක් බිඳ හෙළීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content