රජයේ රෝහල්වල භාවිතය සඳහා මිල දී ගෙන ඇති මෙරට සමාගමක නිපදවන ලද ‘ඇස්පිිිිිිරින්’ පෙති තොගයක ‘ඇස්පිිිිිිරින්’ නමැති එහි ප්‍රධානතම සංඝටකය වන ඇසිටයිල් සැලිසිලික් අම්ලය නොමැති බව තහවුරු වීම නිසා භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය පියවර ගෙන තිබෙනවා.

වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායකගේ අස්සනින් යුතුව මෙම ඇස්පිරින් තොගය ඉවත් කිරීම සඳහා වන චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

හෘදයාබාධවලට ලක්වීමේ අවදානම සහිත හෝ හෘදයාබාධයන්ට ලක්වූ රෝගීන්ගේ හෘදයේ රුධිරවාහිනිවල රුධිර කැටි ඇතිවීම වැළැක්වීම සඳහා ඇස්ප්‍රින් අත්‍යවශ්‍ය ඖෂධයක් වන අතර ‘ඇස්පිරින්’ අඩංගු නොවන මෙම ‘ඇස්පිරින්’ පෙති නිපදවා ඇත්තේ, කුරුණෑගල එලිබිච්චියේ පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගමක් මගිනි.

 

WhatsApp Group

Skip to content